ඇමතිකමට මුවා වී ආණ්ඩුව වැනසූ මංගල, ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ මඩ ප්‍රහාරවල තරම හෙළිවෙයි! (වීඩියෝ)

පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ පින්සිරි මංගල සමරවීර එම ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයාට එරෙහිව අතිදැවැන්ත මඩ ව්‍යාපාරයක් මෙන්ම, කුමන්ත්‍රණ ව්‍යාපාර සිදුකළ බව අපද හෙළි කළෙමු.

වසර ගණනාවක් පුරා රටේ පාලන බලය ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහය ඇතිව සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් උදාකර දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ මංගල සමරවීර විසින් තම පෞද්ගලික න්‍යාය පත්‍රයට අදාළ සිහිනයක් සැබෑ කරගැනීම වෙනුවෙන් දිගින් දිගටම සිදුකරනු ලැබූයේ ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණ නිර්මාණය කිරීම සහ සිදුකිරීම බව මේ වන විට අනාවරණය වී ඇත.

පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ දෙදරීමට බලපෑ ප්‍රධාන කරුණක් වූයේ මෙය වන අතර එක්සත් ජාතික පක්ෂයට වසර ගණනාවකින් ලද ආණ්ඩුබලය අහිමි වීමට බලපෑ ප්‍රධාන පුද්ගලයා වන්නේද රනිල් වික්‍රමසිංහටත් හොරෙන් කුප්‍රකට වැඩ සිදුකළ එජාපය විනාශ කළ මංගල සමරවීර බව මේ වන විට හෙළිවී අවසන්ය.

ඔහු ජනාධිපතිවරයාට පමණක් නොව තම පක්ෂයේම ප්‍රබල මැති ඇමතිවරුන්ට පවා මඩ සහ කුමන්ත්‍රණ දියත් කළ බව නොරහසකි.

ඔහු එය එජාප පාක්ෂිකයින් මෙන්ම රටේ ජනතාව ඉදිරියේ ප්‍රත්‍යක්ෂ කරමින් ඊයේ ප්‍රසිද්ධියේ ඔහුගේ වචනවලින්ම සඳහන් කළේ, තමාට එක ඇමතිකමක් වෙනුවට රජයේ ප්‍රබලම සහ වැදගත්ම අමාත්‍යංශ දෙක ලබාදුන් “ජනාධිපති පර බල්ලෙක් මෝඩයෙක් බවත් ඔහුට විරුද්දව දෝෂාභිියෝගයක් ගෙන එන බවත්”ය.

ජනාධිපතිවරයා විසින් කැබිනට්ටුවේ සිටි අනෙකුත් ඇමතිවරුන්ට වඩා අතිශය විශ්වාසයක් සහ අවස්ථාවක් ලබාදුන් ඇමතිවරයා වූයේ මංගල සමරවීර වන අතර ජනාධිපතිවරයාගේ අගේ සිට කන කෑ කුප්‍රකට පුද්ගලයා වූයේද ඔහුම බව ඔහු සපථ කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *