“ගම්පෙරළිය” ගැන ජනපති අවධානයෙන්!

ගම්පෙරළිය’ වැඩසටහන හරහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට වෙන් කෙරෙන මුදල් නිසි පරිදි ලැබෙනවාදැයි යන්න පිළිබඳ ජනාධිපතිවරයා ඉතා විමසිල්ලෙන් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගෙන් ඒ ගැන නිතර පැමිණිලි ලැබුණු අතර තමන් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද හෙතෙම කීවේය. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු පමණක් එම වැඩසටහන හරහා ලැබෙන මුදල් භාවිත කිරීම නිසා ශ්‍රීලනිප සංවිධායකවරුන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බවද මහලේකම්වරයා සඳහන් කළේය.

මේ වන විට ජනාධිපතිවරයා මැදිහත් වී ඇති නිසා බොහෝ ආසනවල එම මුදල් මුදා හැරීමට එජාප සංවිධායකයන් කටයුතු කරමින් සිටින බවද මහලේකම්වරයා කියයි.

තවදුරටත් එම මුදල් ශ්‍රීලනිප සංවිධායකයන්ට මුදා හැරීමට කටයුතු නොකරන එජාප සංවිධායකයන් සම්බන්ධයෙන් අගමැතිවරයා හරහා දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කිරීමටද ශ්‍රීලනිපය තීරණය කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *