2014 මම එජාපය සමඟ එකතු වුණේ ඩී.එස්.ගේ, ඩඩ්ලිගේ පක්ෂය කියලා හිතාගෙන (වීඩියෝ)

“2014 නොවැම්බර් මාසයේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදිහට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්‍ෂයට තමයි එකතු වුණේ කියලා.

එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට තේරුණේ පසුවයි” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු බැවින් එදා එ.ජා.ප.ය දැවැන්ත ප්‍රබල යෝධ පක්‍ෂයක් බවට පත්ව තිබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා ඩී.එස්. – බණ්ඩාරනායක චින්තනයේ සම්මිශ්‍රණයක් බව ද ඒ නිසා රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඩී.එස් – ඩඩ්ලි එක්සත් ජාතික පක්‍ෂයක් නැවත බිහි වේවා කියා තමන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22දා) පැවැති සේනානායක ගුණ සමරු උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *