තම පෞද්ගලික වැසිකිලියට මිලියන ගණනක් වෙන් කර ගත් රෝසිට, කොළඹ කසළ ඉවත් කරන්න සල්ලි නැහැලු

කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර හිඟ මුදලක් නොගෙවී‍ම හේතුවෙන් අද සිට ඔවුන් කසල භාර ගැනිම නවතා දමා තිබෙන අතර මේ හේතුවෙන් කොළඹ නගරයේ කැලි කසල එක්රැස් වුවහොත් නගරය පුරා වසංගත රෝග පැතිරයාමේ අවධානමක් මතුවිය හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක අද(06) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවාය.

මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම හෙට සිට නතර කිරිමට සිදුවනු ඇතැයිද ,කොළඹ පුරපතිනි රෝසි සේනානායක පවසන්නීය.

මීට මාස කිහිපයකට පෙර කොළඹ පුරපතිනි රෝසි සේනානායක විසින් තමන්ගේ පෞද්ගලික පරිහරණය සිදුකරන කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිලි නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 5.7 ක මුදලක් වෙන් කර ගත්තාය.

එලෙස තම පෞද්ගලික පරිහරණයට මුදල් වෙන්කර ගත් රෝසි සේනානායක අද මාධ්‍ය හමු පවත්වමින් කොළඹ ජනතාවගේ කසළ ඉවත් කිරීම ඇතුළු සනීපාරක්ෂක කටයුතු නඩත්තුව වෙනුවෙන් මුදල් නැතැයි කීම ලැජ්ජා නැති සහගත ක්‍රියාවකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.