ජයසූරිය ක්‍රිකට් දූෂණ යට ගහන්න උත්සහ අරන්! ICC යෙන් චෝදනා

2017 වසරේ සැප්තැම්බර් මස තෙක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වන වංචා-දූෂණ යට ගැසීමට උත්සහ කර ඇතිබවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට චෝදනා එල්ල කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණයන්ට සහයෝගය ලබා නොදීම මෙන්ම ප්‍රතික්ෂේප කිරීම සහ එම පරීක්ෂණයන්ට අදාළ ලිපි ලේඛන හෝ වෙනත් තොරතුරු මූලාශ්‍රවලට හානි කරමින් පරීක්ෂණ ප්‍රමාද කිරීම හා අවහිර කිරීම එම චෝදනාවලට හේතු පාදක වූ කරුණු බවද පැවැසේ.

2017 වසරේ සැප්තැම්බර් මස තෙක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය එම ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඊට ප්‍රථමයෙන් ඔහු 2013 වසරේ සිට 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා තේරීම් කමිටුවේ ප්‍රධාන සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. එසේ තේරීම් කමිටු ප්‍රධාන සාමාජිකයකු ලෙස ඔහු කටයුතු කළ කාල පරිච්ඡේදයේ සිදු වූ බව කියන සිද්ධියකට අදාළ පරීක්ෂණයක් හේතුවෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී ඇති අතර පසුගිය වසරේදී ඔහු භාවිත කළ ජංගම දුරකථනයක්ද පරීක්ෂණ වෙනුවෙන් ලබාදෙන ලෙස අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් සනත් ජයසූරියට මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇත්නම් ඔක්තෝබර් 15දා (ඊයේ) සිට දින 14ක කාලයක් ඇතුළත එම කරුණු දැක්විය යුතු බව අයි.සී.සී.යෙන් දන්වා ඇති බවද වාර්තා වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.