තම කීර්ති නාමය කෙළෙසුවා කියා මාධ්‍ය ආයතනවලට එරෙහිව ඇමති සූජීව නඩු දානවලු

දක්ෂ කාර්යශූර තරුණ ඇමැතිවරයකු වූ තමන්ට විදුලි දුම්රිය ව්‍යාපෘතිය අලළා අභූත චෝදනා එල්ල කරමින් මාධ්‍ය හරහා තර්ජනය කළ “සිලෝන් හයි ස්පීඩ්” සාමාජිකයන්ටත්, ඊට දායක වූ මාධ්‍ය ආයතනවලටත් එරෙහිව තමන් වන්දි ඉල්ලා නඩු පවරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙ¼දාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ තමන් වැනි කාර්යශූර තරුණ දේශපාලනඥයකුගේ අනාගතයට බරපතළ හානියක් සිදු කරද්දී ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද නිහඬව සිටීම නිසා තමන් දේශපාලනය පිළිබඳව බලවත් කලකිරීමකට පත්ව සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 25 වැනි මහලේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (17) ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

තමන් ඉතාලියේ මිලානෝ නුවර පැවැති ආයෝජන සමුළුවකට සහභාගි වූ අවස්ථාවේ සියයට 10ක කොමිස් මුදලක් ඉල්ලා සිටි බව කියමින් මුලින් චෝදනා කළ එම සමාගම දැන් ඊට තම භාෂා පරිවර්තකයාගේ නමද සඳහන් කරමින් ඊට තුන්වැන්නකුද අෑ¼දා ගැනීමෙන් මෙම චෝදනාවේ අසත්‍ය බව හා ව්‍යාජ බව තහවුරු වන බවද හෙතෙම පැවැසුවේය.

ඔහු එහිදී මෙසේද කීය.

“ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා සියයට 95ක බදු නිදහස ලැබෙන බැවින් එම බලපත්‍රය යොදාගෙන මුදල් විශුද්ධිකරණය කිරීමට හැකි නිසා ආයෝජන මණ්ඩලය හොඳින් සොයාබැලීමෙන් පසුවයි බලපත්‍රය ලබා දෙන්නේ. ආයෝජන මණ්ඩලයට සෑහීමකට පත්වීමට නොහැකි නම් එය තනි කවුළුවට (single window) යොමු කරනවා. මෙම ව්‍යාපෘතිය යොමු කර ඇත්තේ ඒ අනුවයි. මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අක්කර 1,500ක් ඒ අය සතුව තිබෙන බව කියනවා. තවත් අක්කර 4,000ක් දීර්ඝ බදු ක්‍රමයෙන් බැහැරව ඉල්ලනවා.”

“ඒ විතරක් නොවෙයි ප්‍රයිම්මුවර් ඇතුළු යන්තේ‍රා්පකරණ විශාල ප්‍රමාණයක්, බස් රථ, හෙලිකොප්ටර් ඇතුළු ප්‍රාග්ධන ලැයිස්තුවක්ද ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. 2017.08.04 වැනි දින ව්‍යාපෘති වාර්තාව ඇගැයීමට ලක් කළා. ඒ අනුව පෙර පළපුරුද්ද ආයෝජකයන්ගේ මූල්‍යම ශක්‍යතාවන්, තාක්ෂණික නිපුණතාවන් අලෙවි සැලසුම් හා ඉඩම් පරිහරණ සැලසුම්ද කමිටුව ඉල්ලා සිටියා. ඒ අනුව 2017.11.10 දින වාර්තාව තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුව නැවත සමීක්ෂණයට ලක් කර එහි අඩුපාඩු නිසා තීරණයක් ගැනීමට නොහැකි වුණා. 2017.11.14 ආයෝජන මණ්ඩලය විසින් ලිඛිතව ආයෝජකයා වෙත දැන්වූයේ අංගසම්පූර්ණ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.”

“ඉන් අනතුරුව 2017.12.20 ඉදිරිපත් කළ වාර්තාවද අසම්පූර්ණ අඩුපාඩු සහිත වූ අතර අමතර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් කල් ඉල්ලා සිටියා. ඒ සඳහා සති 2-3ක කාලයක් ගත වන බවද ආයෝජකයා පැවැසුවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳව පුළුල් සහ විවෘත මනසකින් සලකා බැලූ පසු බෙදා වෙන් කරන ලද පිරිවැය ඇස්තමේන්තුවක්, නිරවුල් ව්‍යාපාරික සැලැස්මක්, යටිතල පහසුකම්, උපකරණ අලෙවිකරණ සැලසුම්, අපනයන කරන රටවල්, තාක්ෂණික හවුල්කරුවන්, ව්‍යාපෘති සැලැස්මක්, නිමි භාණ්ඩ කර්මාන්තශාලා සහ ජැටිය පිළිබඳ විස්තර නිශ්චිත කාලරාමු පිළිබඳ මූල්‍ය ප්‍රභවයන්, දේශීය හා විදේශීය මූල්‍ය ප්‍රභවයන් පිළිබඳ විස්තර ආයෝජකයාගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම මෙම සමාගමට සම්බන්ධ පුද්ගලයන් මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවා නොමැති බවටද තොරතුරු තිබෙනවා.”

“කෙසේ වුවද ආයෝජකයා විසින් 2018.10.11 දින ඉදිරිපත් කර ඇති ව්‍යාපාරික සැලැස්ම මීළඟට රැස්වන තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුවට යොමු කර තිබෙනවා” යැයිද හෙතෙම පැවැසුවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *