එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද (27) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ රැස්වීම් ශාලාවට රැස් වූ අතර එහිදී ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් ද අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ සිටි අතර ඔවුන් අග්‍රාමාත්‍ය ධූරය වෙනස් වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය.
අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළේය.
එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා පැවසුවේ කුමන්ත්‍රණකාරි ලෙස නව අගමැතිවරයා පත් කර ඇති බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලීමෙන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසුවේ කිසිදු පාර්ශවයකට නොදන්වා හෙර රහසේ මෙම නව අගමැතිවරයා පත් කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය පාරල්මේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තම පක්ෂයට තිබෙන බවය.
19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරිමට ජනාධිපතිවරයාට කිසිදු නීතිමය අයිතියක් නොමැති බව එහිදි අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම විරෝධතාවය සඳහා සහභාගී වී සිටියේ 500 කටත් අඩු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් පිරිසකි.