අපට ඕනෑ සජිත්
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 24ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වී සිටි බව ද මේ මොහොතේ ජනතාව වෙනසක් ඉල්ලන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.
එළඹෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නම් ජනතාවගේ හඬට කන්දිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවැසුවේය.
අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකළේය.
මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය පුළුල් පෙරමුණකින් තරග වැදීමට සාකච්ඡා කර ඇති බවත් නව නායකත්වයක් සම්බන්ධයෙන් ද අදහස් පළවී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවැසීය.
පෙරේදා වන විට 2015 ජනවරමට පයින් ගැසූ ආකාරය දුටු බවත් ඒ හේතුව නිසා මෙයට කිසිදු ප්‍රකාශයක් නොකර සිටිය යුතු නොවන බවත් ඒ මහතා පැවැසීය. මෙහි දී පවතින විකල්ප දෙකක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙම ගැටලු අධිකරණයෙන් විසඳා ගැනීම හෝ මැතිවරණයට මුහුණ දියයුතු බව සඳහන් කළ ඒ මහතා මේ සිදුකළ ක්‍රියාවත් සමඟ කලකිරී සිටි එක්සත් ජාතික පාක්ෂිකයෝ ආවේගශීලි වී ඇති බවත් පැවැසූවේය.
මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවැසුවේ පුළුල් පෙරමුණක් සහිතව සියලු බලවේග එකට එකතුකර ගනිමින් මෙම මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව සහ නව නායකයන් පැමිණිය යුතු බවට ජනතාව විශ්වාස කරන බවයි.
එක්සත් ජාතික පක්ෂ නායක ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතු බව පාක්ෂිකයෝ පවසන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින් ප්‍රකාශ කළේය.
*************************
අපිට ඕනෑ රනිල්
රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. කිසිසේත්ම පක්‍ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් නොවන බව ද ඒ මහතා සඳහන් කරයි.
මේ අතර පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා පවසන්නේ පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිදු සාකච්චාවක් සිදු නොවන බවත් එවන් දෙයක් සිදු වන්නේ නම් පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීන්දු කරනු ඇති බවත්ය.
මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය දැන් දැන් එලිපිටම සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂය බාර දිය යුතු බවයි.