කොළඹ 07 ග්‍රෙගරි මාවතේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් කොළඹ සුපිරි පාසැල්හී දරුවන් ඉලක්ක කොටගෙන පවත්වාගෙන ගිය මත්පෙති අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් පසුගියදා කොළඹ මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හදිසියේ වටලනු ලැබිණ. එහිදී අත් අඩංගුවට පත්වූ මත්පෙති යැයි සැක කෙරෙන විශාල ඖෂධ තොගයක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීම සදහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව පොලීසියේ උසස් නිලධාරියෙකු අනාවරණය කළේය.
මෙලෙස මත්පෙති අලෙවි කරන බවට සැක කෙරෙන කාන්තාවක් මෙහිදී පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර ඇය පොලිස් ඇප පිට මේ වන විට නිදහස් කොට ඇත, ඇයගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද අද දිනයේ පොලීසිය අධිකරණය හමුවේ ඉල්ලා සිටීමට නියමිත බවද වාර්තාවේ.
මෙම මත්පෙති භාවිතය සදහා ඇබ්බැහිවී සිටින කොළඹ ජාත්‍යාන්තර පාසැලක සිසුවකුගේ පියෙක් අදාල ස්ථානය සම්බන්ධව පොලීසියට පැමිළි කොට ඇති බවද සදහන් වන අතර කොළඹ ජාත්‍යාන්තර පාසැලේ විශාල ළමුන් ප්‍රමාණයක් මෙන්ම අවට ජනප්‍රිය පාසැල්වල ලමුන් ගණනාවක්ද මෙම මත්පෙතිවලට දැනටමත් ඇබ්බැහිවී ඇතිබවද දැන ගන්නට ඇත.