පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
ජනාධිපති විසින් දවස් 11ට පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වියුරු වැටුණු එජාප මන්ත්‍රිවරු සහ එජාපයේ වලිග පක්ෂ දෙකක් වන දෙමළ ජාතික සංධානය සහ ජනතා විමුක්ති පෙරමුණ කතානායකතුමා හමු වී පාර්ලිමේන්තුව යළි කැඳවන මෙන් ඉල්ලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මන්ත්‍රිතුමාට පක්ෂව මන්ත්‍රිවරුන් 117ක් සහය පල කර ඇති බවට පචයට උපන් පා ච රණවක මන්ත්‍රිතුමා ප්‍රකාශ කර තිබුණත් ඒක එතුමාගේ තවත් එක් පචයක් විතරයි. පැමිණි මන්ත්‍රිවරුන්ගේ අත්සන් ලේඛණය ප්‍රසිද්ධ කරන මෙන් මම එතුමාට අභියෝග කරනවා. ඇත්තෙන්ම අද පැමිණියේ මන්ත්‍රිවරුන් 109යි. ඒ අයගෙන් 12ක් දෙමළ සංධානයේ. දෙදෙනෙකු ජවිපෙ. ඒ අනුව එජාප මන්ත්‍රිවරුන් ගණන 107 සිට 95 දක්වා පහත වැටී ඇති බවයි පේන්නේ. අපේ සුරේෂ් වඩිවේල් ඇමතිතුමා වගේ ඇමති ධූරයේ දිවුරුම් දෙන තුරු රනිල් මන්ත්‍රිතුමාට සහය දෙන අයත් ඔය අතරේ ඉන්නවා.
ජවිපෙ කතානායක හමු වුණේ පාර්ලිමේන්තුව යලි කැඳවන්න යැයි ඉල්ලීම් කරන්න මිස රනිල් මන්ත්‍රිතුමාට සහය පල කරන්න නොවේ කියා දැන් ප්‍රකාශයක් කර තිබෙනවා. දෙමළ සංධානයත් මේ දක්වා ම ප්‍රකාශ කරන්නේ තමන් බල අරගලයට මැදි නොවන බවයි. ඒ අනුව තමන්ට බහුතරය ඇති බව පෙන්වීමට පාර්ලිමේන්තු ගිය එජාප මන්ත්‍රින් දැන් කර තිබෙන්නේ තමන්ට බහුතරය නැති බව ප්‍රදර්ශනය කිරීමයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තිය අනුව ජාතික ආණ්ඩුවෙන් සංධානය ඉවත් වුණු වහාම ඇමති මණ්ඩලය විසිරී යනවා. ඒ වගේම 48(1) වගන්තිය අනුව අගමැතිවරයාට ධූරය අහිමි වුණු වහාම ඔහුගේ ඇමති මණ්ඩලය ද විසිරී යනවා. ඒ අනුව කොහොම බැලුවත් දැන් පාච රණවක මන්ත්‍රිතුමා ඔක්තෝම්බර් 26 දින සිට ඇමතිවරයෙකු නොවේ. ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධියි කියලා එතුමාට හිතෙනවා නම් ඔහු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා මේ වගන්ති අර්ථ නිරූපණය කර ගැනීමයි. එහෙම නැතිනම් තමන් ඇමති වන්නේ කුමන වගන්තියක් යටතේ ද කියා රටට කීමයි.
ඒ වෙනුවට අද එතුමාට ඇමති පිස්සුවක් හැදිලා. මීට දින දෙකකට පෙර “ගරු මන්ත්‍රිතුමනි“ කියලා එතුමාව මාධ්‍යවේදියෙකු ඇමතුවාම කේන්ති ගිහින් මම තවම ඇමති කියලා පැවසුවා. ප්‍රකාශ කළාට නම් කමක් නෑ. දැන් ඔන්න අමාත්‍යාංශයට ගිහින් ඇමති පුටුවේ වාඩි වී ඉන්නවාලු. සාමාන්‍යයෙන් නිල වශයෙන් පත් කළ ඇමතිවරු හැරුණු විට තමන් ඇමති කියා සිතන අය ඉන්නේ අංගොඩ මානසික රෝහලේ. නමුත් මේ දවස්වල එහි ගේට්ටුවේ ඉබ්බා නැති වෙලා වගේ. මොකද අද රට පුරාම බොරු ඇමතිලා. ඇමතිවරයෙකුට වෙන් කර තිබෙන පහසුකම් බලයෙන් භුක්ති විඳීමට මන්ත්‍රිවරයෙකුට බෑ. ඇමති පුටුවක බලයෙන් වාඩි වුණු පිස්සු වැඩක් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි වාර්තා වෙන්නේ.
අමාත්‍යාංශ නිලධාරීන් අපට දුරකථනයෙන් කතා කරල අහනවා, මෙයා කියන දේවල් නොකර හිටියොත් එක්නැලිගොඩට වෙච්ච දේ අපිට වෙයිද දන්නෙත් නෑ. සුඛීට වගේ කරන්ට් අල්ලයිද දන්නෙත් නෑ. අනිත් අතට මෙයා කියන දේවල් කරන්න ගිහින් තමුන්නාසේලා අපිට විරුද්ධව නීතිමය කටයුතු කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ කියලා.
යහපාලන නීතිය අනුව රාජ්‍ය දේපල අපහරණය කියන්නේ ඇප නැතිව හිරේ ලගින වරදක්. “මට පිස්සු“ කියලා බේරුණත් මේ වැඩේට සෑහෙන කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ලගින්න නම් වේවි.
– අරවින්ද අතුකෝරල