පාසැල් ළමුන් ඉලක්ක කර ගත් කොළඹ 07 මත්පෙති මධ්‍යස්ථානයක් වටලයි

කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ් හි පවත්වාගෙන යන සුප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක් විසින් ඒ අවට පිහිටා ඇති ජාත්‍යන්තර පාසල් වල දරුවන් හට ඩාන්සින් වර්ගයේ මත් ද්‍රව්‍ය ඉතා අඩු මිලට විශාල ප්‍රමාණ වලින් විකිණීම සම්බන්ධයෙන් ඉහත කී පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් විසින් දුන් ඔත්තුවක් ඔස්සේ ක්‍රියාත්මක වුන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය එම ස්ථානයේ ක්ෂණික වැටලීමක් කල බවත් එහිදී එම ස්ථානයේ තිබී අදාල මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වල සඳහන් වේ.

ඉහත කී එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සුපිරි පන්නයේ දිවිපෙවෙතක් ගතකරන බවත් ඇය තදින්ම කුෂ් නැමැති මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති බවත් ඇය පිළිබඳව කල සරල විමර්ෂණ වලදී හෙලිවී ඇති අතර බම්බලපිටියේ ඇති සුපිරි සාප්පු සංකීරණයක තම වෙළද ආයතනය පවත්වාගෙන යන මුස්ලිම් තරුණයකු සිය තාවකාලික ලිංගික වල්ලභයා ලෙස ඇය විසින් මේ වන විට තෝරාගෙන ඇති බවත් ඩුබායි සිට ඇයට මෙම මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඒජන්ත වරයා ලෙස පෙනීසිටින්නේ ඔහු දැයි ප්‍රභල සැකයක් මතුවන හෙයින් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය විසින් මැයගේ තාවකාලික සහකරුවන්ගෙන් සියයකටත් එකක් වන එම මුස්ලිම් තරුණයා ගැන සෙවීමට පටං ගෙන ඇති බව එම ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය විසින් නඩුවක් ගොනුකර ඇති අතර නඩු කටයුතු වලට එම රූපලාවන්‍යාගාර අධිපතිනිය විසින් ඇයට සමීප , සරලවම කිව්වහොත් ඇයගේ පහස ලබන ලොකු ලොකු පුටු වල සිය පෂ්චාත්භාගය රත්කරන ලොක්කන් නිසා,(ඒ අතර චීවරධාරිකේද සිටින බවට තොරතුරු ලැබී ඇත) නීතිය වල් වැදේදෝ යන සාධාරන බය හේතුවෙන් මේ පිළිබඳව වැඩි විස්තර පොලිස් ආරංචිමාර්ග වල සඳහන් නොවන බැවින් ලද විගස ඔබ වෙනුවෙන් එම විස්තර ඉඳිරිපත් කිරීමට අප සපථ කරමු.ඒ මන්ද යත් යාන්තමින් හය හතර කියවන අපේ දරු පරපුර මත් රකුසාට බිල්ලට දෙමින් තමන්ගේ සුර සැප පතන මෙවන් දහදුරා ගැහැණුන්ගේ නිරුවත රට හමුවේ හෙළිකිරීමටත් එමෙන්ම මෙවන් දුර්ජනයින්ට උපරිම දඩුවම් දීමටත් අප නිරතුරුවම අපේ මාතෘභූමිය වෙනුවෙන් බැඳී සිටින බැවිනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.