රංගජීව යළි සේවයේ පිහිටුවයි

වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංඹයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (21දා) සිට යළි සේවයේ පිහිටුවා තිබේ.

2011 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන සිදුවීම්වලට අදාළව පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රිමාන්ඩ් බන්ධනාගර ගත කරනු ලැබීය.

බන්ධනාගාරගත කිරීමත්  සමග ඔහු වැඩි තහනමකට ලක්විය. ඉන් පසුව ඇප ලබා නිදහස් වූ රංජීව මතතා යළි සේවයේ පිහිටුවන ලෙසට පසුගිය 19 දා පොලිස්පති සහන මැදිරියට අභියාචනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම අභියාචනාව සඅලකිල්ලට ගෙන ඊයේ සිට ඔහු යළිත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට අනුයුක්ත කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *