මෙරට ඇති වී තිබෙන දේශපාලන අර්බුදයට සෘජුව මැදිහත් වී ඇති ඇමෙරිකානු නිලධාරියා “ඒ. ආර්.” නමැත්තකු බව බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත.
මොහු පසුගිය සති කිහිපය මුළුල්ලේ සිංහල සහ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු හමු වී රහස් සාකච්ඡා පවත්වා ඇති බව ද අනාවරණය වී තිබේ.
මොහුගේ ගමන් බිමන් ගැන බුද්ධි අංශ විසින් නිරීක්ෂණයක යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ ගැටුම් සහ දේශපාලන තත්ත්වය ගැන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වාර්තා සපයන්නේ මෙම නිලධාරියා බව අනාවරණය වී ඇත.
වියනා සම්මුතිය උල්ලංඝනය කරමින් මෙම තානාපති නිලධාරියා ක්‍රියාකිරීම ගැන රජයේ ඉහළ පෙළේ බලධාරීන්ට ද වාර්තා වී තිබේ.