මුලතිව් සෙම්මාලෙයි පළාතේ පිහිටි ගණ දෙවි කෝවිල අසල පිහිටි බෝ ගසක් යයට කිසියම් පිරිසක් විසින් හදීසියේම බුදු පිළිමයක් තැන්පත් කිරීම පළාතේ සාමයට බාධාවක් සිදුව ඇති හෙයින් එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය සංස්කෘතික අමාත්‍යංශය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.
නමුත් අදාල ස්ථානයේ සිටින් ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙන්නේ එම ස්ථානයේ බෞද්ධ ආගමික කටයුතු වෙනුවෙන් 2012 වසරේ සිට වන්දනාමාන ඇතුලු ආගමික වතාවත් සිදු කරන බවටත් එවකට මුලතිව් පළාතේ සිටි යුද හමුදා නිලධාරීන් ඔවුන්ගේ කදවුර අසල එම බුදුමැදුර ඉදි කළ බවද ඊට ඔවුන් දිනපතාම වන්දනාමාන කළ බවටයි.
යුද්ධයෙන් පසුව මුලතිව් පළාතේ සාමාන්‍ය වැසියන් යළි පදිංචි වීමෙන් පසුව එම යුදහමුදා කදවුර ඉවත් කළද බුදුමැදුර ඉවත් නොකළ බවද ආරක්ෂක නිලධාරීන් කියා සිටියි.
ගම්මානවල පදිංචි වූ වැසියෝ බුදුමැදුරට නුදුරින් ගණදෙවි කෝවිලක් පිහිටුවා ඇති අතර ඔවුන්ට එය ස්ථානයේ ඇති බුදුපිළිමය ඉවත් කරගැනීමට වුවමනා නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරිය යම් උත්සයක් ගන්නා බවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මීට පෙරද දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී ටී.එවිහරන් මන්ත්‍රී වරයාද අදාල බුදු පිළිමය ඇති ස්ථානයට දැඩි විරෝධයක්ද පෑමට පියවර ගෙන තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ