ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහකාර මාධ්‍ය අධ්යක්ෂ සුනිල් ජයසේකර මහතා සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස පත්කර තිබේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ සුනිල් ජයසේකර මහතා එම තනතුරින් ඉල්ලා අස් වූයේ ජනාධිපති සහකාර මාධ්‍ය අධ්යක්ෂ ලෙස පත්වීමෙන් අනතුරුවය.
ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන අතර මාධ්‍ය ක්ෂේත්රයට පිවිසෙන්නේ රාවය පුවත්පතිනි. ඉරුදින පුවත් පතේ නියෝජ්‍ය කතෘධූරයද දරා ඇති සුනිල් ජයසේකර මහතා ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනයේ අධ්යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර ඇත.
දරිද්‍රතා විශ්ලේශන කේන්ද්‍රයේ මාධ්‍ය උපදේශක ලෙසද ඔහු සේවය කර තිබේ.