බණ්ඩාරනායකවරුන්ගෙන් පසු බිහි වූ රාජපක්ෂවරුන්ගේ පක්ෂය

ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය” කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, එම දෙපලේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග ආදී බණ්ඩාරනායකවරුන් තිදෙනෙකුම රාජ්‍ය නායකත්වය ඉසිලූ පක්ෂයකි. බණ්ඩාරනායකවරුන්ගෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බිහි වූයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.

1970 දී ශ්‍රී ලංකාවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ වත්මන් අග්‍රාමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු වූ මහින්ද රාජපක්ෂ අද(11) තමා මේ දක්වා පැමිණි ශ්‍රීලනිපයට ආයුබෝවන් කියමින් තමා පුමුඛ රාජපක්ෂවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය නිල වශයෙන් ලබාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල සභාපතිවරයා වන්නේ මහාචාර්ය ජී.එල්.පීරිස් වන අතර එහි දේශපාලන සහ මෙහෙයුම් අංශ ප්‍රධානියා වන්නේ බැසිල් රාජපක්ෂය. පසුගිය වසරේ පළාත් පාලන ඡන්දයට මුහුණදීම සඳහා ඇරඹි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත්තේ 70% කට වැඩි පළාත් පාලන ආයතන ප්‍රමාණයක් ජයග්‍රහණය කරමිනි.

මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණ නම් රාජපක්ෂවරුන් වෙනුවෙන් නිර්මාණය වූ රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමද සුවිශේෂී සිදුවීමක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.