ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කථානායකවරයෙකු අතිශය පක්ෂග්‍රාහී වෙමින් අධිකරණය, නීතිය, ව්‍යාවස්ථාව, සම්ප්‍රදායන් යන සියල්ල උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව තුල පිස්සු උන්මත්තකයෙකු ලෙස හැසිරුනේ නම් ඒ කරු ජයසුරිය බවට අද(15) මෙරට දේශපාලන ඉතිහාසයේ ලියැවිණ.
එහෙත් තවමත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටින බවට වාර්තාවේ.
මේ අය අතර, රනිල් වික්‍රමසිංහ මහතා ද විපක්ෂයේ හතරවෙනි පේළියේ තුන් වන අසුනෙහි වාඩි වී සිටින බව ද වාර්තා වෙයි.
කථානායක කරූ ජයසූරිය මහතාගේ අසුන අසලට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැස්වී කලහාකාරි ලෙස හැසිරෙමින් සිටි අතර, එහිදි මයික්‍රෝෆෝනයට ද හානි සිදු විය.
මේ හේතුවෙන් කථානායකවරයාට කිසිවක් නොකියාම පිටව යෑමට සිදුවිය. තවමත් පාර්ලිමේන්තුව කල් තැබීමක් පිළිබඳ නිවේදනය කර නොමැත.
මේ අතර, අද පාර්ලිමේන්තුව ආරම්භයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
ඉන් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අදහස් පල කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ප්‍රකාශය පිළිබඳ විශ්වාසය නොමැති බවට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව ඊට අදාලව ඡන්ද විමසීමක් පැවැත්විම සඳහා සභාවේ එකඟතාව කතානායකවරයා විසින් විමසූ අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පල කරමින් කතානායක අසුන අසලට රැස්විය.
පාර්ලිමේන්තුව ලබන 21 වනදා දක්වා කල් තැබූ බව මීට සුළුවේලාවකට පෙර කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය.