පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ආග්රාමත්ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන පවසයි.
අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණ නව ක්‍රමයට පැවත්වීමට නොහැකි නම් මනාප ක්‍රමයට හෝ පැවැත්වීමට එහිදී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව පැවසූ මන්ත්‍රීවරයා ලබන 14 වනදාට නිත්‍යානුකූල වශයෙන් රැස් වන පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන්පසු සභාව එක් දිනක් සඳහා කල් දැමීටට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.
මේ අතර ලබන 14 රැස්වීමට නියමිත් පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීම සඳහා අවශ්‍ය නොවන බවත් එහිදී අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.