ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයේ විනිසුරු මඩුල්ල වැඩිවෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ලබාදුන් නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

ඊට අමතරව බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරයි.

පාර්ලිමේන්තුව විසුරවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර තිබුණි.

එම පෙත්සම් සියල්ල ලබන 04,05, සහ 06 යන දිනවල විභාගයට ගැනීමට නියම කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය එනතෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවමින් ලබන 7 වන දා දක්වා තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.