නව රජයේ අයවැය පරාජය කරන්න සූදානම්- පා.මන්ත්‍රීධුර 6ක් ඇති ජ.වි.පෙ. කියයි

නව රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය පරාජයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ(05) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම. අනුර කුමාර දිසානායක,

“පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වන අයවැයකදී එය පරාජයට පත්කිරීමට සහාය දෙනවා. ඒ වගේම විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළ කරනවා. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව පත්කළ තනතුරුවලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වෙනවා නම් එයට සහාය පළ කරනවා. එමෙන්ම එම විශ්වාසභංගය ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපිට ගෙන ඒමට හැකි නම් ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. නමුත් නිශ්චිතව කුමන පුද්ගලයා අගමැති විය යුතුද යන්න සම්බන්ධයෙන් ඡන්දයක් විමසනවා නම් අපි ඒ වෙනුවෙන් ඡන්දය භාවිත කරන්නේ නැහැ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී ඕනෑම ක්‍රිරයාවලියක් පරාජයට පත්කරන්න අපි සූදානම්.

අයවැය පරාජය වුවහොත් සිදුවන්නේ ආණ්ඩුව විසුරුවා හැර බහුතරය පෙන්වන කණ්ඩායම නව ආණ්ඩුවක් ගොඩනැගීමයි. අයවැය පරාජයට පත්වීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවන්නේ කාලය අවසන් වීමෙන් හෝ වසර හතර හමාරක් ගත වීමෙන් ජනාධිපතිවරයාට ලැබෙන බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයෙන් පමණයි”.

මේ අතර කථානායකවරයාට පැවරී ඇති බලය අනුව පාර්ලිමේන්තුව වහා කැඳවිමට පියවර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.