කථානායක කරූ හොර හැන්සාඩ් හදන්න සැරසෙයි; රාජ්‍ය නිලධාරීන්ට අයුතු බලපෑම්

ව්‍යාවස්ථා විරෝධී ලෙස කථානායක කරූ ජයසුරිය විසින් පසුගිය 16 වැනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව සකස් කර ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

කතානායකවරයා එදින පොලිස් බලඇණියක් සමග පාර්ලිමේන්තුවට පැමිණ විශ්වාසභංගයක් සම්මත වූයේ යැයි ප්‍රකාශ කලත් එය මේ වන තෙක් හැන්සාඩ් ගත කරන්න නොහැකි වී ඇත්තේ කතානායකවරයා හා මන්ත්‍රීවරුන්ගේ කතාබහ කිසිවක් ම පාර්ලිමේන්තුවේ පටිගත කිරීම යන්ත්‍රවල පටිගත නොවීමයි.

මේ තත්ත්වය මත කතානායකවරයා උපදෙස් දී ඇත්තේ රූපවාහිනී ඔස්සේ නරඹා හැන්සාඩ් වාර්තාව සකස් කරන ලෙසට වන මෙම උපදෙස නිසා පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් දැඩි ලෙස භීතියට පත්ව සිටින බව වාර්ථා වෙයි.

මෙවන් උපදේශයක් මීට කලින් ඔවුන්ට ලැබී නැති බවත් මේ නීත්‍යානුකූල ද නීති විරෝධී දැයි නොදන්නා බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් බියට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රසිද්ධ නීතිවේදියෙක් සඳහන් කළේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා රූපවාහිනී පටිගත කිරීම බලා සකස් කළ නොහැකි බවත් එසේ කරන්නන්ට නීතිය අනුව දඬුවම් හිමිවනු ඇති බවත්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.