ගඟට ඉනි කැපූ මංගලගේ මඩ නිවේදන බලකායේ අසාර්ථකත්වයට රනිල්ට මල පනී

පැවති රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මුදල් කෝටි ගණන් වැය කරමින් එජාප සන්නිවේදන අංශ ප්‍රධානියා ලෙස මංගල සමරවීර විසින් නිර්මාණය කළ දීප ව්‍යාප්ත ජාලගත සංවිධානයක් බව කියූ එජාප “සන්නිවේදන බලකාය” නොහොත් එජාප මඩ නිවේදනය බලකාය මුලුමනින්ම සෝදා පාළුවට ලක්ව අක්‍රීය වී ඇතැයි වාර්තාවේ.

මංගල විසින් කොළඹ සිට් පැල කරන පුවත් රටේ වටේ සිටින එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සන්නිවේදන බලකායේ සමාජිකයින් හරහා කටකතා, SMS ඇතුළු ආකාර කිහිපයක් හරහා ව්‍යාප්ත කිරීම මීට පැවරිණ. මේ සඳහා මංගල සහ ඔහුගේ අතිජාත ගෝලයා වන රුවන් එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන් දිගින් දිගටම මුදල් කඩාගෙන ඇත. එහෙත් අද වන විට අය එන මං නොමැතිව අසරණ වී සිටින රනිල් වික්‍රමසිංහට අවැසිම මොහොතේ අවශ්‍ය කිසිඳු සහයෝගයක් මංගලගේ මෙම ව්‍යාජ සන්නිවේදන බලකා ඇටවුම මඟින් ලබාගැනීමට නොහැකි වී ඇත.

එජාපයේ මන්ත්‍රීවරුන් ගමේ සිටින පාක්ෂිකයින්ට පණිවුඩ යමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මෙහෙයුමකට මංගලගේ සන්නිවේදන බලකාය භාවිතා කිරීමට යොදාගැනීමට යෝජනා කර ඊට කටයුතු කිහිපයක් පැවරුවද ඒ සියල්ල ක්‍රියාත්මක වී නොමැත. මේ හේතුවෙන් එජාප නායක රනිල්ට මංගල සමඟ දැඩි ලෙස කේන්ති ගොස් ඇති අතර පෙර නොවූ විරූ ලෙස “ඔයා අපිට ආණ්ඩුවත් නැති කළා, වැඩ කරපු මිනිස්සුත් නැති කළා, සල්ලිත් විනාශ කළා” යනුවෙන් මංගලගේ මුහුණටම පවසා ඇත.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා මංගල සැරසෙද්දී, “කරුණාකරලා මෙතනින් පිටවෙලා යනවද. තවත් බොරු ගොතාගෙන ඇවිත් වැඩ අවුල් නොකර” යනුවෙන් දැඩි ආවේගයකින් යුතුව රනිල් ඉංග්‍රීසි භාෂාවෙන් මංගලට බැන පන්නාගෙන ඇත.

කෙසේ වෙතත් මේ වන විට ෆේස් බුක් සහ සමාජ ජාල මාධ්‍ය හරහා සිදුවන එක්සත් ජාතික පක්ෂයේ “බොරු පුවත් පැල කිරීමේ” සහ “මඩ පුවත් නිෂ්පාදන” ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික සහයට ඩැනීලා හරහා සිදුවන බවට වාර්තාවේ. ඒවා සඳහා අවශ්‍ය ප්‍රචාරණය මංගලගේ කුප්‍රකට ගෝලයා වන රුවන්ගේ අප්‍රකට වෙබ් අඩවි හරහා ලබාදෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *