මනූෂ යළි රනිල් ලඟ පරණ පුරුදු තැනටම

පසුගිය දිනෙක කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් මනුෂ නානායක්කාර අතිශය සංවේදී පෞද්ගලික කරුණක් හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර ඔහු එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අතිශය පෞද්ගලික සමීපතමයෙකු ලෙස මීට ඉහතදීද සේවා සිදු කළ අයෙකු ලෙස ප්‍රකටය.

කෙසේ වෙතත් මනූෂ නානායක්කාර විසින් ජනාධිපතිවරයා වෙත සහ මාධ්‍ය වෙත යොමු කළ යොමු කරන ලද ඉල්ලා අස්වීමේ එවැන්නක් සඳහන් නොවන අතර එහි සඳහන් වන්නේ දේශපාලන හේතු මත ගත් තීරණයක් ලෙසය.

කලකට ඉහතදී මනූෂ නානයක්කාරයේ අතිශය සංවේදී පෞද්ගලික කාරණනා හේතුවෙන් ඔහුගේ පවුල් ජීවිතය පවා දෙදරා ගිය අතර නීත්‍යනූකුල බිරිඳ ඇය සහ දරුවා වෙනුවෙන් මාසික යැපීම් වන්දි ඉල්ලා මනූෂට එරෙහිව දැඩි අරගලයක් පවා සිදු කළාය.

කෙසේ වෙතත් මනූෂ අද යළි තමාට වඩාත් සුව පහසු රනිල් සෙවණට යනු ලබන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(05) දිනයේ “රනිල් සමනළ ලෝකයට පිවිස, සමනලුන් සමඟ තීන්දු තීරණ” ගත් බව පැවසූ පසුබිමක් තුළ වීමද සුවිශේෂිය.

අතිගරු ජනාධිපතිතුමනි,

නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි

ඔබතුමන් විසින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් සහ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව රට තුළ උද්ගතවූ දේශපාලන අස්ථාවරත්වය පිළිබද කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. උද්ගතවූ තත්වය පිළිබද ඔබතුමන් සමග කළ සාකච්ඡා අනුව සහ ඔබතුමාගේ උපදෙස් මත කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරය භාරගතිමි.

නමුත් ගරු කතානායකතුමා නිකුත් කළ නිවේදනය මගින් වඩාත් බැරෑරුම් කරුණු ඉස්මතු කර ඇති බව මාගේ විශ්වාසයයි. ගරු කතානායකතුමන්ගේ නිවේදනය අනුව පාර්ලිමේන්තුව කල් දැමීම, ව්‍යවස්ථානුකූල නොවන, නීත්‍යානුකූල නොවන සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඉදුරාම පටහැනි ක්‍රියාදාමයකි. විශේෂයෙන්ම ගරු කතනායකතුමන්ගේ නිවේදනයේ පහත සදහන් කොටස් උපුටා දැක්වීමට කැමැත්තෙමි. “පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධී සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම්වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.“

අතිගරු ජනාධිපතිතුමනි,

අප විසින් නව තනතුරුවල දිවුරුම්දෙන ලද නව රජයට මෙතෙක් කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී නැති බව ඔබතුමා මැනවින් දන්නා කාරණයකි. මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන මාගේ හෘදය සාක්ෂිය දැඩි ලෙස කැළඹූ අතර, ඒ පිළිබද මාගේ දේශපාලන හිතවතුන් සහ පාක්ෂිකයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමි. මාගේ හෘදය සාක්ෂියේ සහ දේශපාලන අනුගාමිකයින්ගේ අදහස වූයේද ව්‍යවස්ථානුකූල නොවන සහ නීත්‍යානුකූල නොවන ආණ්ඩුව තුළ තවදුරටත් රැදී සිටිය නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනික විශ්වාසයන් හා හෘදසාක්ෂිය මත තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බැවින් මා හට හිමිවූ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.

2015 ජනවාරි 8 වැනිදා ඔබතුමන් වෙත ලැබුණ ජනවරම සහ ඉන් අනතුරුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරමි. එහි මූලිකාංග වූයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන කාර්යයන්ට තිත තැබීමය. මේ දක්වා ඔබතුමන් මාවෙත දැක්වූ සහාය හා විශ්වාසය කෙරෙහි මාගේ කෘතඥතාවය පුදකිරීමට කැමැත්තෙමි.

නමුත් උද්ගතවී ඇති වාතාවරණය හමුවේ කතානායකතුමාගේ ප්‍රකාශය පිළිගනිමි. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිව ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ලෙස පිළිගනිමි.

ස්තුතියි,
විශ්වාසී,

මනුෂ නානායක්කාර
(පාර්ලිමේන්තු මන්ත්‍රී)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *