පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
නව රජයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ විසින් පසුගිය රජයේ මංගල සමරවීර විසින් පනවා තිබූ , මේ රටේ ජනතාව ගොනාට අන්දවමින්, උපහාසයටත් ලක්කළ මොංගල් මංගලගේ මිල සූත්‍රය ඊයේම (31) අහෝසි කර දැමුහ.
ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු වී ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව රුපියල් 155 ට පැවැති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල රුපියල් 145 ක් වන අතර, 123 ක් ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල 116 ක් වනු ඇති බව අමාත්‍යංශය පවසයි.