ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළි විවෘත වන නොවැම්බර් 14 වනදා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව පිළිගැනීම සඳහා ආසන පැනවීම් ඇතුළු සියලු වැඩ කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු කාර්යාලය පවසයි.
තමන්ටද පාර්ලිමේන්තු සියළු නිලධාරීන්ද කටයුතු කරන්නේ ව්‍යාවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පවසයි.
ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාර්ලිමේන්තුව එළැඹෙන 14 වැනිදා රැුස්කිරීමට සියළු කටයුතු සූදානම් කරන බවද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් මේ දක්වා එහි න්‍යාය පත‍්‍රය ගැන දැනුවත් කර නැතැයිද මහ ලේකම්වරයා කියා සිටී.
ජනාධිපතිවරයා විසින් පසුගියදා ගැසට් පත‍්‍ර දෙකක් මගින් කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කල බවත් මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස පත් කල බවත්ය.