ජනපති සහ කථානායක පැය එකහමාරක සාකච්ඡාවක්; පාර්ලිමේන්තුව කැඳවමින් නව අගමැති සහ ආණ්ඩුව පිළිගන්න සූදානම්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර ඊයේ(31) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව පැය එකහමාරයකට ආසන්න කාලයක් ඉතා සුහදව පැවැති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී කථානායකවරයා විසින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ හා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර කථානායකවරයා සිදු කළ ඉල්ලීම සලකා බලා ඉදිරියේදී තම තීරණය දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර තමන් නව අග්‍රාමාත්‍යවරයාට සහ නව ආණ්ඩුවට අවශ්‍ය පහසුකම සැලසීමට කටයුතු කරන බව එහිදී කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කර ඇත.

මේ අනුව ඉදිරි දින කිහිපය තුළ නව අගමැතිවරයා සහ ආණ්ඩුව පිළිගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කොට පාර්ලිමේන්තු කැඳවීමට නියමිත බව කථානයක කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.