ජනපති තුති පුදයි

අද(19) නව සැසිවාරයේ සිව්වන දිනටත් පාර්ලිමේන්තුව රැස් වු අතර, එහිදී සාමකාමීව හා සහයෝගයෙන් සිටීම ගැන පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ස්තූතිය පළ කර තිබේ.

ඊයේ (18) දිනයේ දී පැවති හමුවීමෙන් අනතුරුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කර ගෙන යෑම සඳහා මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාගේ හැසිරීම ඇගයීමට ලක් කරමින් ජනාධිපතිවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.

තමන් පාර්ලිමේන්තුවේ හිටපු සභානායකයෙකු වූ බැවින් එහි කටයුතු ගැන මනා අවබෝධයක් ඇති බවද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවට සඳහන් කර ඇත.

අද පස්වරු 1 ට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනා අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබා දෙන ලෙස ද පැවසීය.

ඒ අනුව අද දිනයේ වැඩකටයුතු අවසන් කරමින් නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුව තුළ ඇති වු තත්ත්වය ගැන පරීක්ෂණයක් සිදු කර රාජ්‍ය දේපල හානි වු අතර, එම පුද්ගලයින්ට දඩුවම් කිරීමට කටයුතු කරන ලෙස ද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ඒ පිළිබඳව කථානායකවරයා ඉදිරියේ දී දැනුවත් කරන බව ද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක් වු දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව පිළිගනිමින් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කරන විට රජයේ එම පිළිගැනීම අනුව සිදුවිය යුතු බවත්, පාර්ලිමේන්තුවේ කටයුතු බාරව තිබෙන්නේ රජයට බවත්, ආණ්ඩුව හැටියට එම කටයුතු සිදු කිරීමට තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට හිමිවිය යුතු බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් රජයක් නැතිනම් තේරීම් කාරක සභාවක් පත් කර ගත නොහැකි බවත්, එනිසා රජයක් ඇති බව පිළිගනිමින් මෙම තේරීම් කාරක සභාව පත් කර සිටින ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ, පසුගිය 15 වන දින කථානායකවරයා නිශ්චිත වශයෙන් 14 වන දා විශ්වාසභංග යෝජනාවක් සම්මත වු බවත්, ඒ අනුව අග්‍රාමාත්‍යවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බවත් එහිදී ප්‍රකාශ කළ පසුබිමක් තුළ පාර්ලමේන්තු කටයුතු සඳහා අවශ්‍ය තේරීම් කාරක සභාව සඳහා බහුතරය හදා ගැනීම සාධාරණ නොවන බව ද පැවසිය.

පාර්ලිමේන්තු බහුතරය නොමැති පසුබිමක් තුළ එවැනි ක්‍රියාවලියක් සාධාරණ නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති කණ්ඩායමකට තේරීම් කාරක සභාවේ බහුතරයක් ලබා දීම කිසිසේත් සාධාරණ නොවන බව ද කියා සිටියේය.

මෙම තත්වය මත පාර්ලිමේන්තුව අද දිනයේ යම් සාධනීය තත්වයකට පැමිණ තිබූ අතර විධිමත් ක්‍රමය යටතේ එහි කාරක සභා ස්ථාපිත කරමින් ආණ්ඩුවක් ඇති බව පිළිගනිමින් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට තිබිනි.

ඊයේ දිනයේ පක්ෂ නායක හමුවට නොපැමිණි ජනතා විමුක්ති පෙරමුණ සහ කතානායකවරයා මෙම සාධනීය තත්ත්වය කඩාකප්පල් කරන ආකාරය පෙනෙන්න තිබෙන බව ආණ්ඩු පක්ෂය විසින් චෝදනා එල්ල කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *