රනිල්ගේ ප්‍රජාත්‍රන්තවාදය රෙද්ද පල්ලෙන් බේරේ; පාර්ලිමේන්තුවේ මිනීමරන්න පිහි අරන් ඇවිත් (Photos)

ප්‍රජාත්‍රන්තවාදය ගැන රටට, ලෝකයට, තානාපති කාර්යාලවලට පම්පෝරි ගසමින් සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මැරයින් අද(15) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුව තුලදීම මැරීම සඳහා පිහි ඇතුළු මනුෂ්‍ය ඝාතන ආයුධ ගෙනැවිත් තිබෙන බවට සාක්ෂි හමුවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට මිනීමරුවකු ලෙස නම් දරා සිටින “පාලිත තෙවරප්පෙරුම” නොහොත් “මැර තෙවරයා” අද(15) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු “පිස්සු කරූ” නොහොත් කථානායක කරූ ජයසුරියගේ පූර්ණ ආධාර අනුබල සැපයීම මත පාර්ලිමේන්තුව තුලදීම ඝාතනය කර දැමීම සඳහා මිනීමැරුම් සඳහා යොදාගන්නා පිහි රැගෙන විත් තිබේ.

“පාලිත තෙවරප්පුරුම” නොහොත් “මැර තෙවරයා” ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු හෝ දෙදෙනෙකු පිහියෙන් ඇන කථානායක මැරයා (කරු ජයසුරියට එරෙහිව මිනීමැරුම් , ඝාතන සඳහා ආධාර අනුබල දීමේ’ චෝදනා තිබුණෙකි) ඉදිරියේ මරා පෙන්වීමට ගත් උත්සහයකි.

අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමට වගකිව යුත්තේ කථානායක කරු ජයසූරිය බව ඇමති දයාසිරි ජයසේකර කියයි.

කථානායකවරා පුටුවේ රැදී සිටීමෙන් මෙම නොසන්සුන්කාරී තත්වය ඇති වූ බවත් ඔහු අසුනෙන් ඉවත්ව ගියේ නම් මෙම තත්වය ඇති නොවන බවත් ඔහු කියා සිටී.

අද පාර්ලිමේන්තුව තුලට එජාප මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු තියුණු පිහි රැුගෙන පැමිණ සිටි බවද ඔහු පැවසීය.

මේ සම්බන්දයෙන් කතානායකවරයාට කී අවස්ථාවේ පිහි බැරිනම් කඩු පොලු හරි ගේන්නැයි කතානායකවරයා කී බවද ඔහු කිවේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයන්තර සමරවීර සදහන් කරන්නේ දිලුම් අමුණුගම මහතාට තුවාල වූයේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් වැනීම නිසා බවයි.

රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එජාප මන්ත‍්‍රිවරුන් පාර්ලිමේන්තු සභා ගැබට පිහි රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද විසින් පැමිණිලි කර තිබේ.

මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නිසා මන්ත‍්‍රී ඝාතන තැතත් වැලකී ගිය බවද ආණ්ඩුවේ මන්ත‍්‍රිවරුන් කියති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *