බය වෙන්න එපා; මට ෂුවර් – රනිල්

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන හැටි ගැන කිසිඳු බයක් සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ දවල් මහ බැංකු මංකොල්ලය සිදු කොට එහි විමර්ශන සඳහා ජනාධිපති කොමිසම හමුවට ලැජ්ජාවක් බයක් නැතිව යෑමට සිදු වූ හිටපු අගමැති සහ වත්මන් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට අද (01) දැනුම් දුන්නේය.

එක්සත් පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රදානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයේදී අද (01) පැවැත්වු රැස්වීමකදී මේ බව සඳහන් කළේය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හමුවීමටද මෙම රැස්වීමේදී තීරණය විය.

මෙම මන්ත්‍රී මණ්ඩල රැස්වීම සහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සහභාගීවී සිටීම විශේෂත්වයක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

වෙනත් දිනවල කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන්ගේ අඩුවක් තිබුණද මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ඉතා උද්යෝගයෙන් මන්ත්‍රීවරුන් පැමිණ සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.