මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කිසිඳු අමාත්‍ය පදවියක් නොදැරූ දෙමළ ජාතික සන්ධානය අද(02) පළමු වතාවට මෛත්‍රී-මහින්ද නව ආණ්ඩුවේ අමාත්‍ය පදවියක් ලබාගනිමින් එහි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාට සහ නව අගමැතිවරයාට සහය පළකිරීමට එක්විය.
එලෙස ආණ්ඩුවට එක්වූයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්. වියාලේන්දිරන් මන්ත්‍රීවරයා වන අතර ඔහු ප්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එස්.බී. නාවින්න මන්ත්‍රීවරයාද සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද(02) නව ආණ්ඩුවට එක් විය.