කථානායක කරු ජයසුරියට එරෙහිව කූට ලේඛන සෑදීමේ චෝදනා ගොනු වෙයි

කථානායක කරූ ජයසූරිය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ(26) පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මේ බව පැවසීය.

“රටේ තුන්වන පුද්ගලයා වන කථානායකතුමා කූට ලේඛනයක් සකස් කළ බවට තමුන්නාන්සේලා ඉදිරියේ සාක්ෂි සහිතව පෙන්නන්නයි අපි යන්නේ. නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වුණු බවට විපක්ෂය කියනවා. එහෙම වුණේ නෑ කියලා ආණ්ඩුව කියනවා. ඇත්ත නැත්ත සොයන්න පාර්ලිමේන්තුව විසින්ම කළ සජීවි විකාශනයේ වීඩියෝව අපි දැන් බලමු.

දැන් මේ වීඩියෝවේ කතානායක කියන්නේ මොකද්ද? “මේ ඡන්දය හඬ අනුව ගන්නවා. ඒ අනුව දැනට පත් කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

There is no majority for that“. විශ්වාස භංග යෝජනාව සම්මත වුණු බව කතානායක ප්‍රකාශ නොකළ බව මම රාත්‍රි රූපවාහිනි ප්‍රවෘත්ති බලන විට දැක්කා.

ආණ්ඩුවට බහුතරය නැත්නම් ඒක සුළුතර ආණ්ඩුවක් බවට පත්වෙලා නැවත ගෙන යනවා මිසක් ආණ්ඩුවක් අවසන් වෙන්නේ නෑ. ආණ්ඩුව විසිර යන්නේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණොත් පමණයි. පසුව දා මම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අංශයට ගිහින් 14 දා හැන්සාඩ් එකේ අසංශෝධිත පිටපතක් ලබා ගත්තා. මේ තිබෙන්නේ ඒ පිටපත.

පාර්ලිමේන්තුවේ සිදු වුණු දේ ඒ අයුරින්ම මෙහි සඳහන් වෙනවා. නමුත් පසුගිය 23 දා නිකුත් කළ හැන්සාඩ් නිල පිටපත මොකද කියන්නේ. There is no majority for that, for them ලෙස වෙනස් කරලා, යෝජනාව සම්මත විය යන අර්ථය දෙන “the motion is carried“ යන වගන්තිය අළුතින් එකතු කරලා.

මම කරුණාරත්න ජයසූරිය මයාට අකැමැති නිසා මට අවාසියා කර්ණාබාධා කියමුකෝ. ඒත් කතානායක එහෙම වාක්‍යයක් කියනවා තමුන්නාන්සේලාට ඇහුණා ද? අපි ඔක්කොටම කන් ඇහෙන්නේ නැද්ද? කතානායක කියන දේ සීතම්බර සළුව වගේ එජාප පාක්ෂිකයින්ට විතරක් ඇහෙන දෙයක් ද? එහෙම නම් කතානායකවරයා එජාපයට වාසියක් කිරීමේ අරමුණෙන් සිදු නොවුණු දෙයක් සිදු වුණු බවට හැන්සාඩ් වාර්තාවට ඔබලා කූට ලේඛණයක් හදලා තිබෙන්නේ.

දණ්ඩ නීති සංග්‍රහය අනුව කූට ලේඛණ සෑදීම කියන්නේ වසර තුනක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බරපතල වරදක්ඒ විතරක් නෙවෙයි අපේ රටේ ආණ්ඩුවක් ගෙදර යවන නැද්ද කියලා තීරණය කිරීම සඳහා තුන්වන පුරවැසියා හැදුවම බරපතළ භාවය හරිම වැඩියි.

ඒ වගේම අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ යම් පාර්ශවයකට අයුතු වාසියක් ලැබෙන අයුරින් තම තනතුර භාවිතා කිරීම වසර දහයක් දක්වා දඬුවම් ලැබිය හැකි වරදක්. කරුණාරත්න ජයසූරිය මැතිතුමනි කුම්බලාවෝ කෑවා නම් විදවාපන් බළලෝ කිව්වලු. මේ පිළිබඳ හෙට දිනයේ අපි වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *