ඉදිරි මැතිවරණ ජයගන්න පුළුල් ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණකට නායකත්වය දෙන්න සූදානම්

තමාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයට මුහුණදීම සඳහා ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණක් ගොඩනගා එය ලියාපදිංචි කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (28) අරලියගහ මන්දිරයේදී පැවැති එජාප පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවේදී පැවසීය.

රට තුළ ප්‍රජාත්‍රන්තවාදය ඇති කළ යුතු බවටත්, ඉදිරි මැතිවරණයේදී තම නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණක් ලෙස ඉදිරිපත් වන බවත් එම පෙරමුණ ගොඩනැඟීම වහාම ආරම්භ කරන බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සෑම විටම ක්‍රියා කරනු ලැබුවේ ජනතා මතයට බවත් එම නිසාවෙන් ඕනෑම අවස්තාවක මැතිවරණයක් සඳහා යෑමට සූදානම් බවත් ඒ සඳතා තමා නොබියව නායකත්වය දෙනබවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *