මන්ත්‍රීවරයෙකුගේ වචනයෙන්ම: ඔය යකා හැමදාම කළේ ඌට ඇනිච්ච වේලාවට අපිව අන්දලා කඩේ ඇරපු එක විතරයි

හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හැමදාම සිදුකළේ ඔහු යම් අසීරුතාවයකට පත් වූ අවස්ථාවේ ඉන් ඔහු ගොඩ ඒම සඳහා එතෙක් කල් වචනයක් වත් කතා කිරීමට අවස්ථාව ලබානොදුන් ‘පයිසකටවත් ගණන් නොගත්’ මන්ත්‍රීවරුන්ට කතා කොට ඔවුන්ගෙන් උදව් ඉල්ලා, බොරු පොරොන්දු සහ බලාපොරොත්තු ලබාදී ඒ මොහොතේ එය ගොඩ දා ගැනීම බවත් ඉන් එහා ඔහු අපි ගැන යළි හැරී හෝ නොබලන බව එක්සත් ජාතික පක්ෂයේ මේ මොහොතේ නම පැවසීමට අකමැති ප්‍රබල තරුණ මන්ත්‍රීවරයෙක් අප සමඟ පැවසීය.

එම තරුණ මන්ත්‍රීවරයා සමඟ සිදුකළ සුහද කතා බහේදී ඔහු පැවසූ වචනවලින් අප සඳහන් කරනවා නම් එය මෙසේය.

අපි – මන්ත්‍රීතුමා මොකද තත්වේ..? බරටම වැඩ වගේ.. ඇත්තටම ලොක්කා ගොඩදාගන්න පුළුවන් වෙයිද?

මන්ත්‍රීවරයා – පිස්සුද මල්ලී.. පේනවනේ දවස ගානේ කෙලවේගෙන යන්නේ.

අපි – ඇයි ඔය ඔබ තුමන්ලා ගිහින් සහය දෙනවා කියලා ප්‍රේස් තිය තිය කියන්නේ.

මන්ත්‍රීවරයා – ඒ ලොක්කයි අරුන්යි එන්න කියලා යනකන් අපේ අයගෙන් ගන්න ආතල් එකනේ..

අපි – ඇත්තටම ඔබතුමන්ලා කට්ටිය ලොක්කා රැක ගන්න උදව් කරන්නේ නැද්ද..?

මන්ත්‍රීවරයා – අනේ මල්ලී.. අපි කී පාරක් නම් ඔය යකාව ගොඩ දාලා දුන්නද. කතා කරන්න වෙලාවක් ඉල්ලපුවාම වෙලාවක් දෙන්නේ නැති, මිනිස්සුට වැඩක් කරන්න උදව්වක් දෙන්නේ නැති එකා කෙල වෙච්ච වෙලාවට එකෙන්ම කෝල් කරලා ඉන්න කියලා, අපි මේකෙන් පස්සේ මේවා කරමු, අරවා කරමු, ඕනි දෙයක් තියෙනවා නම් කියන්න කියලා කියනවා. ඊට පස්සේ මෙයා අපිව ඒ වෙලාට කඩේ ඇරලා වැඩේ ගොඩදාගත්තට පස්සේ අපිව දන්නේ නැහැ. වැඩත් නැහැ. ඊට පස්සේ ආයේ සුපුරුදු විදියටම මෙයාගේ ලොල්ලෝ සෙට් එක අපිට අරිනවා. මෙයා ඉන්නකම් උන් තමා රජ කරන්නේ. ඔයාලම දන්න වනේ දැන් කීපාරක් නම් මෙයා නම් ඔය පොත දැම්මාද. මෙදා පාර නම් අපිත් අරින්න තියෙන හොඳම එකෙන් ඇරලා තමා ගෙදර අරින්නේ.

අපි – මන්ත්‍රීතුමා ඒ කියන්නේ ආණ්ඩු පැත්තේ කරක් ගහනවද..?

මන්ත්‍රීවරයා – අපෝ නැහැ මල්ලී. එහෙම අදහසක් නැහැ. රාජපක්ෂලාගේ පවුල් පාලනයට, හොරා කෑමට විරුද්ධව සිරිසේනවත් උස්සන් ආපු අය. සිරිසේනත් මහ ## වැඩේ කළේ. අපි යූ.එන්.පී. එකෙන් ආපු අය. ඒ දේශපාලන ප්‍රතිපත්ති ගරු කරන අය. හැබැයි අපි මේ පාරනම් රනිල් ලොක්කා එක්ක නැහැ. අපිට තව අවුරුද්දක් ගිහින් මෙයත් එක්ක ආණ්ඩු බලේ නැති වෙලා ආයේ මේ ගෝතයත් එක්ක විපක්ෂයට වෙලා තපිනවට වඩා මේ වෙලාවේ ආණ්ඩු බලය නැති වුණත් මෙයාව ගෙදර ඇරගන්න තියෙන චාන්ස් එක වටිනවා. මූ නම් තව අවුරුදු කීපයකින් මැරිලා යයි. ඒත් අපිට මොකද වෙන්නේ, අපේ පක්ෂයට මොකද වෙන්නේ, අපේ පාක්ෂිකයින්ට මොකද වෙන්නේ. මල්ලීලට උනත් තේරෙනවානේ.

අපි – එතකොට ආණ්ඩුවට සහය නොදී රනිල්ව අරින්නේ කොහොමද..?

මන්ත්‍රීවරයා – ඒක එදාට බලාගන්නකෝ. සිරිසේන ලොක්කා ඇරපු ඇරිල්ලට එහා ඇරිලක් තමා අපි මූට ලඟ තියලා, දණ නමලා අරින්නේ. ඒත් මේ දවස්වල ගොඩක් උන්, සමහර දැකලවත් නැති රනිල් ලොක්කගේ උන් එනවා මෙයාව බේරගෙන අලුත් ප්ලෑන් වලට පක්ෂය හදලා, අපිට ඉඩ හදලා දෙනවා කියලා ආයෙමත් අන්දවන්න. මෙදාපාර නම් කිසි සමාවක් නැහැ.

මේ උපුටා දැක්වූයේ අප කළ විමසීමකදී අප සමඟ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සුහද සංවාදයක යෙදුනු එජාප මන්ත්‍රීවරයෙකු දැක් වූ අදහස්ය. විනාඩි 40කට ආසන්න කාලයක් අප සමඟ මෙලෙස සංවාදයේ යෙදුනු මන්ත්‍රීවරයා අවසානයේ අප සමඟ පැවසුයේ, ” මල්ලී, ඔබලා මං කියපු එක ගහනවා නම් ගහපන් අපේ උන්ට පේන්නත් එක්ක. හැබැයි ගේම් ඕවර් වෙනකන් මගේ නම දාන්න එපා. මොකද මේ දවස්වල මුන්ගෙන් බේරිලා ඉන්න බැරි එකම මළ වදයක්. ගෑනිවත් හොයන්නේ නැති තරම් අපි ගැන මේ දවස්වල හොයන්නේ” යනුවෙනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *