කරුණාකර ගෞරවාන්විතව නායකත්වය සජිත්ට බාරදෙන්න; රනිල්ට එරෙහි පීඩනය දැඩි වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහාම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම පාක්ෂිකයින්ගෙන්ද එහි නායක රනිල් වික්‍රමසිංහට දැඩි පීඩනයක් සහ බලපෑමක් එල්ල වෙමින් පවතී.

මේ හේතුවෙන් රනිල්ට තම අගමැතිකම හෝ මහමැතිවරණය ගැන කරුණු අමතක කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ සටනකට යෑමට සිදු ඇත. රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට ඔහුටත් වඩා දැඩි උනන්දුවකින් සටන් කරනු ලබන්නේ රනිල් වටා සිටින ඔහුගේ “Royal Butterfly’s” හෙවත් “රාජකීය සමනලුන්ගේ” කල්ලිය බවට එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

සජිත්ට පක්ශ නායකත්වය ලබාදෙන ලෙසට සිදුකරන බලපෑම පිටුපස එජාප නවක මන්ත්‍රීවරුන් හා සමානවම ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ද සිටීම සුවිශේෂීය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසව නායකත්වයට පත්කොට ඉදිරි මහමැතිවරණය මෙහෙය වීම සිදු නොකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රී-මහින්ද සන්ධානයෙන් තරඟ කිරීමට එජාපයේ හිටපු නවක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සුදානමින් සිටින බවටද වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *