බස් ගාස්තු සංශෝධන තිරණය අද

බස් ගාස්තු සංශෝධනය කරන්නේ ද නොකරන්නේ ද යන්න සම්බන්ධයෙන් අද (3) දිනයේ දී තීරණය කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග අද පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු එම තීරණය ගැනීමට නියමිත බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය කියා සිටි.

පසුගිය සතියේ යළිත් වරක් ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් පහත හෙළීමට ආණ්ඩුව පියවර ගත් අතර මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය මේ බව කියා සිටියේය.

ඒ අනුව රුපියල් 111ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් වන අතර රුපියල් 136ක්ව පැවති සූපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.