ශ්‍රීලනිප මහා සම්මේලනය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සම්මේලනය පක්ෂයේ සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අද (4) පැවැත්වේ.

අද පස්වරුවේ පැවැත්වෙන මෙම විශේෂ නියෝජිත මහා සම්මේලනයේ දී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පැමිණි එකඟතාවකට අනුව මෙම නියෝජිත මහා සම්මේලනය පැවැත්වෙන අතර, ඒ සඳහා දිස්ත්‍රික් බලමණ්ඩලවල ක්‍රියාකාරීන්ට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට, ආසන සංවිධායකයන්ට සහ ශාඛා සමිති නියෝජිතයන්ට ආරාධනා කර ඇත.

වත්මන් දේශපාලන තත්ත්වය හා පක්ෂයේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පක්ෂ බල මණ්ඩල ක්‍රියාකාරීන්ට කරුණු දැක්වීමට නියමිතව තිබෙන අතර, ඊට අමතරව ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් පක්ෂය ජනතාව අතරට ගෙනයාම, ජනාධිපතිවරයා ගත් තීරණ සම්බන්ධයෙන් පාක්ෂිකයන් දැනුවත් කිරීම, ඒ සම්බන්ධයෙන් ඔවුන් බලාත්මක කිරීම හා ඉදිරි මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සියලුම දෙනා මෙම විශේෂ නියෝජිත සමුළුවට සහභාගිවීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.