එජාප පා.ම.රන්ජන් එදා කියූ කථාවට සමාන එජාපෙය පැතූ තීන්දුවක් අද අධිකරණයෙන්!

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා(නොවැම්බර් 22) මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධි ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පෙරමුණට වාසිදායී එම නඩු තීන්දුව අද(13) දින කිහිපයකට පසු නියෝගයක් ලෙස නිකුත්ව ඇතැයි වාර්තාවේ.

‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වාදපිටිය වැඩසටහනේදී ඔහුගේ වචනවලින්ම පසුගියදා ප්‍රකාශ කළේය.

රන්ජන් කියූ පස් දෙනෙකු වෙනුවට හත් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු නලීන් පෙරේරා විසින් වන අතර විනිසුරුවරුන් 5 දෙනෙකුගේ එකඟත්වයෙන් එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

කෙසේ වෙතත් විනිසුරු සිසිර ද අබෘ පමණක් වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර ඔහු ප්‍රකාශ කළ හේතූන් මත ජනාධිපතිගේ ගැසට්ටුවට අවලංගු කිරිමේ අගවිනිසුරුගේ තීන්දුවට තමා ද එකඟතාවය පළ කරන බව ද ප්‍රකාශ කළේය.

එම තීන්දුවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය නිසා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද අධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන අයගෙන් සැදුම්ලත් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග කෙරිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.