රටත්, යහපාලනයත්, ජනාධිපතිධුරයත් විනාශ කළ රනිල්ගෙන් රට මුදාගත් මහා මෙහෙයුම

හැට දෙලක්ෂ පනස්දහසක් ජනතාව 2015දී ලබාදුන් ජනවරමට පිටුපාමින් ඒ ජනතාව යහපාලනයක් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු මහදවල් මහ බැංකු කොල්ල කමින්, දේශිය ආර්ථිකය සහ සංස්කෘතිය විනාශ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකරමින් ගිය අතිදැවැන්ත විනාශයෙන් අප මාතෲභූමිය සහ ජනතාව මුදාගැනීමට ජනාධිපතිවරයා වශයෙන් තමන්ට සිදුකිරීමට වූ ඒ මහා මෙහෙයුම සම්බන්ධයෙන් ඊයේ(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සමුළුව අමතමින් විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය.

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් ඉවත් වන්න ඉවසීමෙන් කටයුතු කළ ආකාරයට වඩා පසුගිය අවුරුදු තුන හමාර තුළ ඉවසීමෙන් කටයුතු කළ බව ජනාධිපතිවරයාගේ සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය, රට විනාශ කළ බවත් යම් ප්‍රමාණයකින් ජනාධිපතිවරයාද විනාශ කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ පත්කිරීම හදිසි තිරණයක් නොවන බවත්න, ව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම අතුළු ගැසට් නිවේදන 5ක් සඳහා ජනාධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබුවේ රට බේරා ගැනීමේ අරමුණ් බව පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමත්‍ය ධූරය සඳහා කිසි ලෙසක පත් නොකර බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍යවරයා ලෙස පත් නොකරන්නේ රනිල් වික්‍රමසිංහගේ හා ජනාධිපතිවරයාගේ අතර ඇති පුද්ගලික ප්‍රශ්නයක් නිසා නොවන බවත් එලෙස සිදුකරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රමය, දර්ශනය රටට නොගැලපෙන නිසා වෙන් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී ජනාධිපතිතුමා සිදුකළ සම්පූර්ණ කතාව

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *