මෙරට දේශපාලනය හැසිරවීම විදේශ බලවේග අතේ


මේ රටේ ජනතාව තම ඡන්දයෙන් මහජන නියෝජිතයින් පත්කළද, ඔවුන්ව මුදල් ඇතුළු විවිධ වරදාන වරප්‍රසාදවලට නතුකර ගනිමින් මේ රට පාලනය කරන්නේ විදේශීය බලවේග බවත්, එම නිසා පරගතැයින්ට යටත් නොවන දේශහිත්‍යශී පිරිසක් පාර්ලිමේන්තුවට පත්කළ යුතු බවත්, ඊට වඩා ඉඩ සලසා දියයුතු බවත් ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා පවසයි.

කොළඹ 07, බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ ඊයේ (6) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

උද්ගතව තිබෙන දේශපාලන අර්බුදය අවසන් කර රට නිවැරැදි මාවතට ගැනීමට වහා මහ මැතිවරණයක් පැවැත්වීමට සියලු දෙනා පියවර ගතයුතු බවත්, 2005 මැතිවරණයට පෙරාතුව රටට ගැළපෙන නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සුදුසු බව කලාකරුවන් පිරිසක් ජනතාව හමුවේ කී බවත් එම දැක්ම නිවැරැදි බව තහවුරු කරමින් මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්ව ඉතා කෙටි කාලයක් තුළදී කුරිරු ත්‍රස්තාවදය මුලිනුපුටා දැමූ බවත් ඒ මහතා කියා සිටියේය.

තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමට හැකි වුණේ විධායක ජනාධිපති ධුරය තිබූ නිසා යැයිද මේ මොහොතේ දේශපාලන අර්බුදය ජනතා පරමාධිපත්‍ය රකිමින් තීරණය කිරීමට ඉඩදීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී බවත්, මේ මොහොතේ මහ මැතිවරණයක් ඉල්ලන්නට තමන් මේ රටට ආවේ පටු වාසි වෙනුවෙන් නොව මුළු මහත් ජාතියක් වෙනුවෙන් යැයි මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ප්‍රවීණ රංගන ශිල්පිනි වසන්ති චතුරානි කියා සිටියාය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *