කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ඉතා කූට අයුරින් තමාගේ තනතුරු යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් Lakehouse Printers and Publication PLC කොටස් වෙළදපොලේ ලයිස්තුගත සමාගමේ කොටස් 38,964 තබා ගනිමින් 9 වන විශාලතම කොටස්කරු වශයෙන් හිදිමින් ශ්‍රී ලංකා රජයේ කොටස් හිමි Bank of Ceyon, NDB සහ People’s Bank යන බැංකු වල චෙක්පත් මුද්‍රණය කිරීම, කාඩ්පත් මුද්‍රණය ඇතුලු තවත් සේවාවන් සපයන ගිවිසුමකට රජය සමග කොන්ත්‍රාත් ගත වී 2014 වසරේ සිට මේ දක්වා සිය සේවාවන් ලබාදෙමින් ලාභ උපයා ඇත.

එමගින් ඔහු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු වීමට 91(1)e ව්‍යවස්ථාව අනුව නුසුදුස්සකු වන්නේය. ඒ අනුව ඔහු 2015 සැප්තැම්බර් 01 සිට 2018 ඔක්තොම්බර් 26 දින දක්වා දැරූ අග්‍රාමාත්‍ය තනතුර මෙන්ම 2015 සැප්තැම්බර් 01 සිට නඩු තීන්දුව ලබාදෙන තෙක් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද අහෝසි වී යන්නේය. 

ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට අනුව එම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට නුසුදුසු කමක් යැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය මෙයාකාරයෙන් ව්‍යාපාරික කටයුතු වල නිරත වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය ද පසුගිය 2000 වසර කාලයේ අහොසි කළ  බව පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අතර වාරයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වීම තුලින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවට ප්‍රකාශයක් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරිය ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන්ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමේ අතුරු ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාරිය වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *