අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් වී තිබේ.

මහින්ද රාජපක්ෂ විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122 තිදෙනා නම් කර තිබේ.

මහින්ද රාජපක්ෂ අධිකරණය හමුවේ කියා සිටින්නේ තම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙවැනි තරම් නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් තම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා අභියාචනාධිකරණය විසින් ඊයේ(03) දින නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමා අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාරවරයා සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *