ජනපති ලොකුම හැන්ඳෙන් තම දෙබිඩි මංගලට බෙදයි; සමහරුන් නමට පමණක් ඇමති කරයි

කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබෙන අතර එහිදී විශාලතම ආයතන සහ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිට මේ වන ජනාධිපතිවරයාගේ දෙබිඩි නියෝජිත ලෙස කටයුතු කරන මංගල සමරවීරට බව වාර්තාවේ. පරාම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වන මංගල සහ මංගලගේ නියෝජිතයින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබාදෙමින් ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගනිමින් සිටින අතර ඔහුන් පිටත භූමිකාව කෙලෙස රඟපෑවද අභ්‍යන්තරව එජාපයට වඩා සමීපව ජනාධිපතිවරයා සමඟ ගනුදෙනු කරන බවට වාර්තාවේ.

ක්‍රිෂාන්ත කුරේ ඉන් එක් අයෙකු වන අතර පසුගියදා මංගල සමරවීර ඇමතිධුරය ලබාගෙන විනාඩි 40ක් ගතවීමටත් මත්තෙන් ජනාධිපතිවරයා සමඟ රහස් සාකච්ඡාවක සිට පැමිණි ක්‍රීෂාන්ත කුරේ “තමා ලේක් හවුසියේ යළි සභාපති වූ බව” පවසමින් ලේක් හවුස් ආයතනයේ කර්තෘවරුන් ඇතුළු ප්‍රධානීන්ට තඟ දැමූබවට එම ආයතනයේ වෘත්තීය සමිති පවා තහවුරු කොට තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රි ලංකන් ගුවන් සමාගම හා ශ්‍රි ලංකන් කේටරින් සමාගම මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිඳු අමාත්‍යංශයක් යටතට ගැසට් නොකිරීම නිසා එම ආයතන ජනාධිපතිවරයා යටතට පැවරෙයි.

රාජ්‍ය රහස් තොරතුරු සේවය සහ පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ඊයේ(29) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව, රාජ්‍ය රහස් තොරතුරු සේවය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 21ක් අයත් වෙයි.

එමෙන්ම ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයට ලංකා මහවැලි අධිකාරිය, මොරගහකන්ද සහ කළුගල ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ආයතන 22 ක් අන්තර්ගත කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යෙල්ඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 24 ක් ඇතුළත්ය.

ගැසට් නිවේදනයට අනුව මංගල සමරවීර මහතා යටතේ ඇති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අයත් ආයතන සංඛ්‍යාව 48 කි.

ඒ අනුව මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා ආයෝජන දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව, ශ්‍රි ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රි ලංකා මහබැංකුව, සියලුම රාජ්‍ය බැංකු ඇතුළු ආයතන රැසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට ඇතුළත් වෙයි.

එමෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ලේක්හවුස් ආයතනය ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පවරා ඇති බව සඳහන්ය.

රවී කරුණානායක මහතා යටතේ ඇති විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයට යටතට ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි පාලිත සමාගම්, ලංකා විදුලිබල සමාගම, සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම ආදිය අයත් වෙයි.

කෙසේ වෙතත් රවී කරුණානායක මහතාට අයත් ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයට කිසිඳු ආයතනයක් ගැසට් කර නොමැත.

අනෙකුත් කැබිනට් අමාත්‍යංශවලට හිමි විය යුතු ආයතන සහ විෂයන් සාමාන්‍ය පරිදි ලබා දි තිබේ.

මේ අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනා සඳහා ද ආයතන හා කාර්යයන් වෙන් කරමින් ඊයේ රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය ධූරයට පත් වු අජිත් පී. පෙරේරා මහතා යටතට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හා සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ගැසට් කර තිබේ.

එමෙන්ම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය ධූරයට පත් වු සුජීව සේනසිංහ මහතාට ජාතික මූල්‍ය අධ්‍යන ආයතනය, ජාතික විද්‍යා පදනම ඇතුලු ආයතන 19 ක් අයත් කර තිබේ.

පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ධූරයට පත් වු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය ගැසට් කර තිබේ.

මේ අතර දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොමිෂන් සබාවක් පත් කර ඇති ශ්‍රි ලන්ක් ගුවන් සමාගම හා ශ්‍රි ලන්කන් කේටරින් සමාගම කිසිඳු අමාත්‍යංශයක් යටතට ගැසට් කර නොමැති අතර එය ජනාධිපතිවරයා යටතේ පවතියි.

එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද ජනාධිපතිවරයා යටතේ පවතියි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.