පුළුල් ජාතික සන්ධානයක් සමඟින් ඊලඟ ඉලක්කයට මුහුණ දෙන්න මෛත්‍රී සැරසෙයි

සියලුම බලවේග නියෝජනය වන පරිදි පුළුල් ජාතික දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව පසුගියදා (24) ඒකමතික තීන්දුවක් ගෙන ඇත.

ලබන වර්ෂය මැතිවරණ වසරක් බැවින් ඒ සඳහා සූදානම් වන්නැයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු ආසන සංවිධායකවරුන්ට දැන්වූ බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

පසුගියදා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත් විය.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ ජනාධිපති මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ජනවාරි මස මැද වන විට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

පුළුල් සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ඉදිරි දේශපාලන කටයුතු සඳහා සූදානම් කිරීමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරුණි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී රැස් විය.

ඒ එම සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *