අධිකරණයේ තීන්දුව කුමන ආකාරයේ එකක් වුවත් ඒ ඕනෑම තීන්දුවක් ගෞරවයෙන් භාර ගනිමින්, ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.
වර්ෂ අවසානයේ අය-වැය යෝජනා සම්මත කරගැනීම සඳහා ගතයුතු ආර්ථික තීන්දු තීරණ තිබෙන බැවින් අධිකරණයේ නඩු තීන්දු කඩිනමින් ලබාදෙතැයි ජනපතිවරයා විශ්වාසය පළ කළේය.
ජනාධිපතිවරයා එසේ පැවැසුවේ ඊයේ (09දා) පෙරවරුවේ පොළොන්නරුවේ පැවැති ‘ජීවනෝපාය සංවර්ධන වැඩසටහන’ යටතේ ප්‍රතිලාභීන්ට සම්පත් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
වර්තමානයේ පවතින්නේ රනිල් වික්‍රමසිංහ සහ තමන් අතර ගැටුමක් නොව, ස්වදේශීය මතය සහ විදේශීය මතය අතර ගැටුමක් බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ප්රජාතන්ත්රවාදී රටක ජනාධිපතිවරයා ලෙස රටේ සියලුම බලතල තමා වෙත පැවරී තිබීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.