රටේ ජනතාවගේ ස්වෛරීබලය තිබෙන්නේ අධිකරණයට වඩා ඉහළ තැනක

දැන් ඇති වී තිබෙන තත්ත්වය නිසා රට තුළ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණයවී තිබෙනවා. අධිකරණය නිවැරැදි තීන්දුවක් ලබා දෙනවා නම් අපිට මේ ගැටලුව නිරාකරණය කර ගන්නට පුළුවන්. තීන්දුව කුමක් වුණත් අපි එය භාරගන්නවා. නමුත් මේ රටේ ජනතාවගේ ස්වෛරීබලය තිබෙන්නේ අධිකරණයට වඩා ඉහළ තැනක මතක තබා ගත යුතු’‍යැයි සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර පැවැසීය.

කොළඹදී ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නානායක්කාර මෙසේද පැවැසීය.

ඇමෙරිකානු නාවික හමුදාව සැපයුම් හා මෙහෙයුම් ඒකකයක් ලංකාවේ පිහිටුවා ගැනීමට කටයුතු කර තිබෙනවා. මේකට රනිල් පාර්ලිමේන්තුවේ අවසරයක් ගත්තාද? ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ගත්තාද? මේ විදියට රට පාවාදෙන අගමැතිවරයකුට මෙච්චර කල් බලයේ ඉන්න ඉඩ දුන්නු එක තමයි අපෙන් වෙච්ච වැරැද්ද. අපිට රනිල් වික්‍රමසිංහ සමඟ පෞද්ගලික ගැටුමක් නැහැ. රනිල් වික්‍රමසිංහ හැසිරිලා තිබෙන්නේ පිටරට කොන්ත්‍රාත්කාරයෙක් විදියටයි.

රනිල් වික්‍රමසිංහ මේ වන විට තමන්ගේ ආවරණය විදියට පාවිච්චි කරන්නේ දෙමළ පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් පක්ෂයි. මේවාට විරුද්ධවයි ජනාධිපතිතුමා කටයුතු කළේ. එය ව්‍යවස්ථානුකූලද නීත්‍යනුකූලද වශයෙන් වීමසමින් අද උසාවියේ නඩුදාලා තිබෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ජනතාවගේ මතය ප්‍රකාශ වන්නට ඉඩ හැරීමටයි.

ඇයි මේකට එජාපය බයවෙන්නේ. දැන් ඇති වී තිබෙන තත්ත්වය නිසා රට තුළ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණයවී තිබෙනවා. අධිකරණය නිවැරැදි තීන්දුවක් ලබා දෙනවා නම් අපිට මේ ගැටලුව නිරාකරණය කර ගන්නට පුළුවන්. තීන්දුව කුමක් වුණත් අපි එය භාරගන්නවා. නමුත් මේ රටේ ජනතාවගේ ස්වෛරීබලය තිබෙන්නේ අධිකරණයට වඩා ඉහළ තැනකයි.

අමාත්‍යාංශ ලේකම්වරු පාර්ලිමේන්තුවට කැඳවීමට නම් ආණ්ඩු පක්ෂයක් සහ සභානායකවරයෙක් සිටිය යුතුයි. එජාපය මොන කැඳවීම් කරත් ඒවා කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව අද පාර්ලිමේන්තුවක් විදියට නෙවේ රැස්වෙන්නේ. මේ පාර්ලිමේන්තුවට අද කවුරුවත් බැඳී නැහැ. රණවක මහතා එක එක දේවල් කිව්වාට ඔහු ඇත්ත තත්ත්වය දන්නවා. රණවක මහතා හිතාගෙන ඉන්නේ එයා රජ කෙනෙක් කියලායි. එයාට අමාත්‍යාංශ ලේකම්වරු කැඳවන්න බැහැ. මෙයට නිසි උත්තරයක් අමාත්‍යාංශ ලේකම්වරුන් ලබාදෙයි.

මේ හදන්නේ අපේ රටේ ජනාධිපතිතුමාට ගඩාෆිට අත්වුණු ඉරණම අත්කර දීමටයි. අධිරාජ්‍යවාදීන්වත් ඊට හවුල් කරගන්නට කැරලිකරුවන් සූදානමින් සිටිනවා. මේවා සඳහා ජනතාව රැස්කරන්නට ආණ්ඩුවකට ඉඩදෙන්නට බැහැ.

මේ පිළිබඳව අපි පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එජාපයත් එහි හවුල්කරුවනුත් දැන් දුරදිග යනවා වැඩියි. මේ නිසා අපිටත් ජනාධිපතිතුමා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනයා රැස්කරගන්නට සිදුවෙනවා.

නමුත් අපි එහෙම කරන්නේ නැහැ. මේ නිසා ගැටුම් ඇතිවිය හැකියි. අපේ රටේ ගැටුම් ඇතිවෙනවා කියලා ලෝකයට පණිවුඩ දෙන්නට අපි සූදානම් නැහැ. මේ සැලසුම අපි පරාජය කළ යුතුයි. ඇමෙරිකාවට අවශ්‍ය රනිල් වික්‍රමසිංහව බේරාගැනීමයි. එවිට ඔවුන්ට අවශ්‍ය වැඩ කටයුතු රනිල් ලවා කරගත හැකියි.

තිස්ස විතාරණ

එක්කෝ අපේ රට නිදහස් ස්වෛරී දේශීය ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙනියනවාද නැතිනම් යටත් විජිත තත්ත්වයක් වශයෙන් ඇමෙරිකා යටත් විජිතයක් වෙනවාද? ඒක ජනතාවට දීලා තියෙනවා තීන්දු කරන්න.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *