ආර්.සම්බන්දන්ට විපක්ෂනායක ධුරය අහිමිවෙයි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කිරීමත් සමඟ එම සන්ධානයේ නායක ආර් සම්බන්දන්ට තව දුරටත් විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තුව තුළ විශ්වාසය පළ කරන මොහොතේදී එක් පසකින් ඔහු ශ්‍රේෂ්ඨධිකරණය අභියෝගයට ලක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එහිදී අනාවරණය කළේය.

පළාත් පාලන මැතිවරණ කල් දමන අවස්තාවේදී රටේ ජනතාවට සාධාරණ සමාජයක් නොදැක්ක බවත් එහෙත් පාර්ලිමේන්තුවේ 225 අත්සන් කළත් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය නොදෙන බවට ප්‍රකාශ කළ විට ජනතාවගේ පපුව කකියන් පටන් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.