රනිල්ගේ වාසනාවට අකුල් නොහෙලනු!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස බලයට පැමිණ ගත වූ දින 10 තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අඩකුඹු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කරමින්ය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙළනු යන මැයෙන් අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම සම්පුර්ණ ලිපියේ සඳහන් කරුණු කිහිපයක් පහතින් දැක්වෙයි.

“රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ පිරිස බලයෙහි පිහිටුවා ගතවූ දින 10 ක කාලය තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලි වනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අඩකුඹු කිරීම සඳහා ඔවුන් තුළ තිබෙන සැබෑ ලැදියාව නොවේද?

නැවත අගමැති ලෙස හඬ අවදි කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය පළමු රාජකාරිය ලෙස ඉටු කළේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) (අ) එනම්, “අමාත්‍ය මණ්ඩලයේ මුළු සාමාජික සංඛ්‍යාව 30 නොඉක්මවිය යුත්තේය.” වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කරමින් කැබිනට් මණ්ඩලය සඳහා 36 දෙනෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමයි. එහෙත් අගමැතිතුමාගේ වාසනාවට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගූ සියල්ලෝම නිහඬව සිටින්නේය.

අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාදය ලෙස මජර දේශපාලුවන් සන්තර්පණය කොට පාර්ලිමේන්තුවේ 113 බහුතරය හදා ගැනීමට ඊනියා “ජාතික ආණ්ඩුව” පිහිටුවීම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රිවරයා ප්‍රමාණවත් යැයි ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (5) ඉතා පැහැදිලිය.

” ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනිකුත් පිළිගත් දේශපාලන “පක්ෂ” හෝ “ස්වාධීන කණ්ඩායම්” එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුව වන්නේය.

එහෙත් එක් මන්ත්‍රීවරයෙකු සමඟ ගිවිසුම්ගතව, ඔහුට මුවාවී කැබිනට් මණ්ඩලය 30 සිට 50 දක්වා 20 කින් වැඩි කිරීමට දරන නිර්ලජ්ජිත උත්සාහය ඉදිරිපිට ලැජ්ජාවට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමක්කරුවන් සොයාගත නොහැක.

අපේ අගමැතිතුමා කොතරම් වාසනාවන්තද?“

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.