අපෙන් පිට පක්ෂය යවන්න බැහැ; රනිල්ට බැරිනම් තිලක්ට අගමැතිකම දෙන්න රනිල් පිල කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදිය නොහැකි නම් රනිල්ගේම ගෝලබාලයෙකු වන ඇවන්ගාඩ් ඇතුළු දූෂණ වංචා රාශියකට සම්බන්ධ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී කුප්‍රකට තිලක් මාරපන අගමැතිධුරයට පත්කරන ලෙස රනිල් පිලේ කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇත.

ඊයේ(30) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග එක්සත් ජාතික පෙරමුණු නායකයන් පැවති සාකච්චාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර මෙම යෝජනාව ඉදිරිපත් වෙද්දී ජනාධිපතිවරයා ආසන්න ආසනයේ දකුණු පස සජිත් පේ‍්‍රමදාස සහ සහ වම් පස රාජිත සේනාරත්නද අසුන් ගෙන සිටියහ.

කුප්‍රකට අවි ජාවාරම් සමාගමක් වූ ඇවන්ගාඩ් සමාගමෙන් කප්පම් ලබාගැනීම ඇතුළු වංචා-දූෂණ චෝදනා ඉල්ලීම නිසාම තිලක් මාරපන සිය ඇමතිධුරයෙන් පවා ඉල්ලා අස්විය.

කෙසේ වෙතත් ඊට ජනාධිපතිවරයා එතරම් අවධානයක් නොදෙමින් සදහන් කර ඇත්තේ, ඔහුට චෝදනා ගණනාවක් එල්ල වී ඇති පුද්ලගලයෙක් බවත් එක්සත් ජාතික පක්‍ෂයේ වෙනත් කෙනෙක් නොමැතිද යන්නයි.

ඒත් සමඟම කරකියා ගැනීමට දෙයක් නැති වුණු රනිල්ගේ අගසව් අකිල, කිරිඇල්ල දෙස බලා දිගු සුසුමක් හෙළා ඇත්තේ “ඒනම් අපේ ඒ ගේමත් හබක්” කියමිනි.

රනිල්ගේ සහ රනිල් පිලේ සහචරයින්ගේ ප්‍රධාන සැලැස්ම වී ඇත්තේ, එජාපයට බලය නැතිවුවත් රනිල් හෝ ඔවුන්ගේ සමනල පරපුරෙන් පිට පක්ෂය හෝ බලය නතු කර නොදිය යුතුය යන දැඩි ස්ථාවරයයි. තිලක් මාරපන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වැනි රනිල්ගේම අතිජාත මිත්‍රයෙකු වන අතර ඔහුට ඉදිරි ගමනක් නොමැති හෙයින් යළි එය රනිල්ගේ අඛිල, සාගල, මංගල කල්ලිය සතු වීම සරල කරුණකි.

කෙසේ වෙතත් රනිල් පිලේ මෙම තිලක් මාරපන අගමැති කිරීමේ සැලැස්ම කරලියට පැමිණීමත් සමඟම එජාප නායකත්වය කොල්ල කෑමට සැදී පැහැදී සිටින “රාජිත-චම්පික” දෙපළ යම් තිගැස්සමකට ලක්ව ඇති අතර, ජනාධිපති කාර්යාලයෙන් පිටව යද්දීම රාජිත, චම්පිකගේ කනට කොඳුරා ඇත්තේ, “රනිල් මේ එයාගේ කොහෙවත් යන ලපයි, සිපයි උස්සලා තියෙන්න හදනවා නම්, අපි මේ මරාලෙට බෙල්ල තියෙන්නේ මොන මඟුලකට” කියාය. එය චම්පිකද ඔලුව වනමින් “ඒක තමයි” කියමින් පිළිගෙන ඇත.

කෙසේ වෙතත් මේ සමඟම සජිත්ගේ සහ රවීගේ මුහුණුද එක දෙක වී අඳුරු වී ගිය බව එජාපෙ ප්‍රකාශයෙක් අප සමඟ පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *