මංගලාගමනයත් සමඟ රුපියලේ කඩා වැටීම දෛනිකව යළි සීඝ්‍රයෙන් ඉහළයයි

මුදල් සහ ආර්ථික කේෂ්ත්‍රයේ දැනුමක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ යළි ආගමනයත් සමඟ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම දෛනිකව ඉතා සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන් ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) දින රුපියල් 183 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 179 සීමවා ද අද දින ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 179.2039 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 183.1744 ක් ලෙසිනි.

මේ අතර 2018 වසරේ දෙසැම්බර් මස 21 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 15.5 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

මෙහි ඇති විශේෂත්වය නම් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දින 45 ක පමණ කාලසීමාව තුල ඔහු රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රමාණය වළක්වාගැනීමට සමත් වී ඇති බව පැහැදිලිව පෙන්නුම් කිරීමයි. එහෙත් අවසනාවට කරුණ නම් ඉලක්කම් හතරක සංඛ්‍යාවක් හරිහැටි කියවා ගැනීමට තරම්වත් තුනේ පංතියේ ළමයෙකුගේ දැනුමක් නැති, මහපාරේ ඉටිපන්දම් පත්තු කරගනිමින් සුද්දන්ට කඩේ යෑම ආත්මීය කථනය කරගත් එන්.ජී.ඕ. කාරයින් එක්සත් ජාතික පක්ෂය බලයට පත් සෑම අවස්ථාවකදීම මේ රටේ වැදගත් සහ වගකිව යුතු තනතුරු උසුලන පාලකයින් බවට පත්වීමයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.