මහින්දගේ විපක්ෂනායක ධුරයට එරෙහිව ආණ්ඩුවේ TNA පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට

විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි.

විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට ප්‍රකාශ කළ අතර සම්පන්දන් මහතා තවදුරටත් විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලීමට යන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා ඔහුගේ මන්ත්‍රි ධුරය අහෝසි වී ඇති බැවින් විපක්ෂ නායක තනතුරට ඔහු පත්කළ නොහැකි බවට නඩු නිමිත්තක් ගොනු කිරීමටද තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එජනි සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කැබිනට් අමාත්‍ය ධුරයක් දරන බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායක තනතුර ලබාදිය නොහැකි බවට එම නඩුවේදී අධිකරණයේ අවධානයට යොමු කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් නීති තර්ක කිහිපයක්ද ඇතුළත් කොට පැවරීමට යන මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය නම් කෙරෙන බවත් නඩුව විභාග කර අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක තනතුර දැරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමට යන බවද දැනගන්නට ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *